*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

දූෂණ විරෝධී පනත ගෙන ආ යුතුව තිබුණේ මීට පෙරයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

දූෂණ විරෝධි පනතක් ගෙන ඒම අරගලයකින් පසු අප රට තුළ සිදුවන සාධනීය සිදු වීමක් වුවත් මෙය සිදුවිය යුත්තේ මීට පෙර බවත් නමුත් රජය විසින් රාජපක්ෂලාගේ කීමට මැතිවරණයක් නොපවත්වා විසුරුවා තිබූ පළාත් පාලන ආයතන සඳහා පෙර සිටි නියෝජිතයන් කැඳවීමේ පනත මූලික කර ගෙන එය සම්මත කර ගත්තා මිස මෙවැනි වැදගත් පනතක් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම මේ ඉදිරිපත් කළ පනතට වඩා ශක්තිමත් ප්‍රබල දූෂණ විරෝධී පනතක් 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළත් රජය ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවත් ඒ පනත සම්මත වූවා නම් පසුගිය කාලයේ රටට අහිමි වූ රටින් සොරකම් කරන ලද සම්පත් පවා නැවත රටට පවරා ගැනීමේ හැකියාවක් තිබුණු බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

තව ද මේ පනතට විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රබල සංශෝධන කපා හැර සෙසු සංශෝධන පමණක් පිළිගැනීමෙන් පෙනී යන්නේ රජය විසින් මේ අවස්ථාවේ දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කර ඇත්තේ අයි එම් එෆ් කොන්දේසි සපුරා ලීමට මිස සැබවින්ම දූෂණය පිටු දැකීමට නොවන බවත් එබැවින් අවංකවම දූෂණය වංචාව හොරකම පිටුදකිමින් පාරදෘෂ්‍ය පාලනයක් මෙම පනත හරහා ඇති කළ හැකි ද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (6) පාර්ලිමේන්තුවේ විවාදයට ගත් දූෂණ විරෝධී පනතේ විවාදයට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ජාතික අවශ්‍යතාව වෙනුවෙන් පෙරට එන ලෙස පැවසුවත් එකී ජාතික අවශ්‍යතාව යනු හොරු ඇල්ලීමද, හොරු රැකීම ද කියා ගැටලුකාරී බවත් මේ පනතේ යම් සාධනීය තත්ත්ව ඇතත් දුර්වලතා රැසක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසත් ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan